(සුජිත් මංගල ද සිල්වා)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම කර ඇති නිර්දේශයට අදාළව ශ්‍රී ලංකා නිහා පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල ස්ථාවරය පැහැදිළි කරන්නැයි එම පක්ෂවල මහා ලේකම්වරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. එම විශේෂ ලිපිවල පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් ව්ක්‍රමසිංහ යන මහත්වරුන් වෙත යොමු කිරීමට ද එම මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන නිර්දේශ බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ 138 සිට 151 දක්වා වූ පිටුවල පැහැදිලිව සඳහන් වන බව විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් ප පෙරේරා මහතා පෙන්වා දෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම කර ඇති නිර්දේශ අනුව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව එක්සත් ජාතික පක්ෂයත්,රටත්, ජනතාවත් අවධානයෙන් යුතුව බලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ නිර්දේශ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජ අයිතය අහෝසි කිරීම සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කිරීම බව අධි නීතීඥ ලාල් විජේනායක මහතා පැවසීය.
Lanka Newsweek © 2026